News

ට්‍රම්ප්ගේ භාවනායෝගී රුවක් චීනයේ අලෙවියට තියයි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවනායෝගීව සිටින ආකාරයේ පිළිරුවක් චීනයේ ගෘහ භාණ්ඩ නිෂපාදකයකු විසින් අලෙවියට ඉදිරිපත් කර තිබේ.

මහායාන චීවරය කින් සැරසී සිටින දොමල්ඩ් ට්‍රම්ප් රුව ප්‍රමාණ කිහිපයකින් ඉදිරිපත් කර ඇති අතර මෙය අලිබාබා ඊ-වානිජ වෙබ් අඩවියට සම්බන්ධ තාඕ-බාඕ මගින් අලෙවියට ඉදිරිපත් කර තිබේ.

සෙන්ටිමීටර 16ක උසකින් යුත් පිළිරුව සඳහා චීන යුවාන් 999 (£ 110 GBP / $ 150 USD) ක් මිල කර ඇත. එසේම සෙන්ටිමීටර 46 ක උසකින් යුත් විශාල පිළිරුව සඳහා යුවාන් 3,999 කට (£ 440 / $ 610) ලබා ගත හැකිය.

මේවන විට ප්‍රතිමා රැසක්ම අලෙවි වී ඇති බව වාර්තා වී ඇත.

කෙසේ නමුත් පාලන කාලය තුල දැඩි ආවේගශීලිව කටයුතු කළ ජනපති ට්‍රම්ප් එවැනි ප්‍රතිමාවකට යොදාගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් නොසතුට පළකර තිබේ.