ට්‍රම්ප්ගේ සමාජ ජාල අභියෝගය මාස කිහිපයක් ඇතුලත
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේම සමාජ මාධ්‍ය ජාලයක් ඇරඹීමට සුදානම් බව වාර්තා වී තිබේ.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් සඳහන් කර නොමැති අතර ඔහුගේ උපදේශක ජේසන් මිලර් සඳහන් කර ඇත්තේ තවත් මස කිහිපක් තුල ඔහුගේම සමාජ මාධ්‍ය ජාලයක් තුලින් නැවත සමාජ මාධ්‍යට එක්වන බවය.
ට්‍රම්ප්ගේ නැවත පැමිණීම “මිලියන ගණනක්” නව පරිශීලකයින් ආකර්ෂණය කර “තමාගේම වේදිකාවක්” නිර්මාණයට හැකිවනු ඇතැයි ද ඔහු පැවසීය.
පසුගිය ජනවාරි මාසයේ ට්‍රම්ප් අනුගාමිකයන් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කරමින් විරෝධතා පැවැත්වීමේ සිදුවීමෙන් අනතුරුව ෆේස්බුක් සහ ට්විටර් යන ආයතන ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කරනු ලැබීය.