ඩඩ්ලි සහ චතුරිකාට ශ්රීලනිප සංවිධායකකම්
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්රික්කයේ සිය දියණිය හා සොහොයුරා දේශපාලනයට යොමු කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේනට පොළොන්නරුව ආසනයත්, ව්යාපාරික සොහොයුරා වන ඩඩ්ලි සිරිසේනට මැදිරිගිරිය ආසනයත් භාරදීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව මින්නේරි ආසනය උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්නටද ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.