News

ඩ්‍රෝන ගුවන්ගත කිරීමේ අයිතිය ඇමෙරිකානු සමාගමකට

සෞඛ්‍ය සේවා සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය යානා සැපයීමට ඇමෙරිකානු සමාගමක් සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

රටේ ආරක්ෂක තත්ත්වය මත මේ වන විට ඩ්‍රෝන යානා පියාසර කිරීම ආරක්ෂක අමාත්‍යාංශය මගින් තහනම් කරන ලදී. තහනම් කර තිබියදීත් මෙම ඇමෙරිකානු සමාගම මෙලෙස ඩ්‍රෝන යානා සැපයීමට ඉදිරිපත්ව ඇත. හදිසි අවස්ථාවලදී රෝහල්වලට අවශ්‍ය බෙහෙත්, රුධිරය, අවයව කොටස් ඩ්‍රෝන යානා මගින් මෙසේ ප්‍රවාහනයට සැලසුම් කර තිබේ. ඊට අදාළ කැබිනට් යෝජනාව තව නොබෝ දිනකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිත බව වාර්තා වේ.

මෙලෙස සෞඛ්‍ය සේවයේ ඩ්‍රෝන තාක්ෂණය පාලනය කිරීමට අත තබන මෙම සමාගමේ යටි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේම ඩ්‍රෝන තාක්ෂණය අතට ගැනීම බව වෘත්තීය අංශ චෝදනා කරයි.

මධුභාෂණ හේරත්