ඩිෆෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල ලැබූ බොරැල්ල ට්‍රැෆික් OIC මියයයි
බම්බලපිටිය ඩිෆෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර යන අය ඊයේ (09) දින ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙම අනතුරු පසුගිය 24 දා සිදු වූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ ඊට පසුපසින් ධාවනය වූ ජීප් රථයේ ගමන් කළ 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට පත් පිරිස අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුමින්ද ආටිගලද වූහ.