News

ඩුබායි හිදි අත්අඩංගුවට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 5ක් දිවයිනට

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එනු ලැබ තිබේ.

අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ පසුවෙයි.