News

‘තඹුවා’ කිලෝ 60ක් කටුනායකදී කොටුවෙයි

ගුවන් මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට සූදානම් කර තිබූ ‘තඹුවා’නමැති මිරිදිය මත්‍ස්‍යයන් කිලෝග්‍රෑම් 60ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පෙරේදා (10 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මෙම මත්ස්‍යයා ආරක්ෂක මත්ස්‍යයකු ලෙස නම් කර ඇති අතර, මෙම මත්ස්‍යයා ඇල්ලීම, විකිණීම, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම තහනම්ය.

සීෆලෝෆොලිස් සොනෙරාටි යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මේ මත්ස්‍යයා පෙට්ටි පහක බහා එක්සත් රාජධානිය බලා ගුවන් මගින් යැවීමට සූදානම් කර තිබූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික)විජිත රවිප්‍රිය පවසයි.

කටුනාය ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ අපනයන පර්යන්තයේදී මෙම මත්ස්‍යයන් සහිත බහාලුම් රේගු භාරයට ගෙන තිබේ.

සාලිය කුමාර ගුණසේකර