තරුණ ප්‍රජාවට සේවය කිරීමට පොදු ජන පෙරමුණ සමඟ එකතුවුණු බව දිල්ෂාන් කියයි
තරුණ ප්‍රජාව වෙනුවෙන් තම සේවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සම්බන්ධ වු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
කඩවත ප්‍රදේශයේ ඊයේ(14) වෙනිදා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය.
දේශපාලනය වෙත පිවිස ඡන්දය ඉල්ලීම ගැන තවමත් තිරණය කර නොමැති බව ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පවසා සිටි අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.