News

තවත් ආසාදිතයින් 132ක් හඳුනා ගනී

කොවිඩ් -19 ආසාදිතයින් 132ක් අද(24) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,897ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආසාදිතයින් 87,630ක් පුර්ණ සුවය ලබා ඇත.

ඉන් ආසාදිතයින් 2583දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 552 කි.