තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් 7ක් අත්අඩංගුවට
හොරොව්පතාන, මුක්කර වැව ග්රාමය ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 7දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුව ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ මොවුන් පිරිස අත්අඩංගුවට ගත් බවයි.
එහිදී කඩුවක්, සී.ඩී. තැටි 48ක්, පරිගණක අමතර කොටසක්, ජංගම දුරකතන 02ක්, සැක සහිත බැංකු ගිණුම් පොත් 02ක්, වලදමා තිබූ සැක සහිත හාඩ් ඩිස්ක් 18ක්, වලදමා තිබූ සැක සහිත ලිපි ගොනු කට්ටල 03ක්, ලියාපදිංචි කර නොමැති යමහා යතුරුපැදියක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.