ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු වැලි කැණිම් තාවකාලිකව අත්හිටුවයි
හෙට (15) දින සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු වැලි කැණිම් තාවකාලිකව අත්හිටුවිමට තිරණය කර ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරයි.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ සියලුම වැලි කැණීම් බලපත්‍ර සති දෙකක් සඳහා තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති සඳහන් කළ අතර බලපත්‍ර නිකුත් කිරීමේදී මතුව ඇති විවිධ විෂමතා හා අක්‍රමිකතා පිළිබඳ ඉදිරිපත්ව ඇති කරුණු පිළිබඳ විශේෂ විමර්ෂනයක් සිදුකිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම තිරණය ගත බව එහි සභාපතිවරයා සඳහන් කළේය.
විර්ශන කටයුතුවලින් අනතුරුව ලබන මස 01 වනදා සිට විවිධිමත් බලපත්‍ර සදහා වැලි කැණිම් කටයුතු සිදු කිරීමට අවසර ලබාදෙන බවටත් ඔහු සඳහන් කළේය.