ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් බලපත්‍ර යළි නිකුත් කිරීමේ අවසන් තීරණය ලබන 28වනදා
වැලි කැනීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් 1500 ක් පමණ මේ වන විට ලැබී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
බලපත්‍ර නිකුත් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව එම කාර්යාංශය සඳහන් කළ අතර තාවකාලිකව අත්හිට වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ ආශ්රිත වැලි කැනීම් බලපත්‍ර යළි නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන 28 වැනි දා අවසන් තීරණයක් ගන්නා බව එම කාර්යාංශය සඳහන් කළේය.
එම දිස්ත්‍රික්කය සඳහා වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම ලබන මාර්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.