ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවනවා – අර්ජුන
ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන අතර ත්‍රීරෝද රථ නියාමනය කිරීම සිදු කරනුයේ එම කර්මාන්තය අපහසුතාවයට පත් කරමින් නීති පැනවීම නොවන බවද එය බොහෝ කලක් තිස්සේ ත්‍රිරෝද රථ සංගම් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඔහු ප්‍රකාශ කළේය.
රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21) දින එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඉදිරි මාසයේ හෝ මාස දෙකක් ඇතුළත මෙම සභාව අධිකාරියක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු අවසන් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.