News

තැපැල් සේවකයින් අද පස්වරු 4.00 සිට වර්ජනයක

ලංකා තැපැල් සේවා සංගමය විසින් අද (16) පස්වරු 4.00 සිට දින දෙකක කාලයක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ නව බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

එම ගැටළුවලට විසදුම් ලබානොදුනහොත් අඛන්ඩ වැඩ වර්ජනයක වුවද නිරත වීමට හැකි බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.