News

තිස් එක් හැවිරිදි පුත්‍රයා ආනන්තරීය පාපකර්මය කරගනී

නෙළුව පොලිස් වසමේ, ලංකාගම, කොලොන්තුඩුව ප්‍රදේශයේ දී පුත්‍රයා විසින් තම 74 හැවිරිදි පියාට පහර දී ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව තිබෙන්නේ නිල්වැලිගමගේ ගුණදාස නමැත්තෙකි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් 31 හැවිරිදි පුත්‍රයා ඊයේ (23) දින පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සිය පියාට ජනෙල් කූරකින් පහරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නෙළුව පොලීසිය විසින් සිදුකරන අතර අද (24) උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.