තොන්ඩමන් කියන එවා මිනිස්සු ගනං ගන්නෑ – දමිළ ජනතාව ඡන්දේ දෙන්නේ සජිත්ට
ඒ මහතා එසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ කොත්මල් ආසන බල මණුඩල රැස්වීම පැවති ඊයේ (13) කෙත්මලේ පුද්ගලික ශාලාවක පැවති ජන හමුව අමතමින්ය.
අද දින තොන්ඩමන් මැතිතුමා කියලා තිබුනා එතුමා පොහොට්ටුවත් එක්ක යනවා කියලා.නමුත් ඒක අපිට විශාල ගැටළුවක් නොවෙයී.වතුකරේ ජනතාව දමිළ ජනතාව එක හඩින් කියන්නේ අපේ ඡන්දය දෙන්නේ හංසයට.අපි ඡන්දය දෙන්නේ මේ රටේ සජිත් ජනාධිපති කරන්න කියන එක අද මේ රටේ ජනතාව තීරණය කරලා ඉවරයී.මේ රටේ වතුකරේ ජනතාවත් තීරණය කරලා ඉවරයී.ඉතිං තොන්ඩමන් මැතිතුමා පොහොට්ටුවට එගෝල්ලන්ගේ ජනතාවට ඡන්දය දෙන්න කිව්වත් අනිවාර්යයෙන්ම ඒ මිනිස්සු එතුමා නොතකා හංසයට ඡන්දය දීලා සජිත්ව ජනාධිපති කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරලා ඉවරයී.එනිසා නායකයෝ කියන එක පල්ලෙහා ඉන්න මිනිස්සු එලෙසම කරන්නේ නෑ තොන්ඩමන් මහත්තයා 17 උදේ ඉගෙන ගනියී.
එම අවස්ථාවට කොත්මලේ ආසනයේ එජාප සංවිධායක අශෝක හේරත් . කෑගල්ල දිස්ත්‍රීක්කය පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා.නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ පියදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
හැටන් – චන්දන ජයවීර
