News

දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයටත් මි.මී. 100 ට වැඩි තද වැසි

ඉදිරියේදී විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බවයි.

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමෙන්තුව සදහන් කළේය.

බස්නාහිර, දකුණු,මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.