දයාගේ සහ අළුවිහාරේගේ අමාත්‍යධුරවල සංශෝධනයක්
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අමාත්‍යධූරවල සංශෝධනයක් සිදු වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සමාජ සවිබල ගැනීවීම් කැබිනට් අමාත්‍ය ධූරයේ කටයුතු කළ දයා ගමගේ මහතාට එම ධූරයට අමතරව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යය ධුරයද සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් අලුවිහාරේ මහතාට වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ද හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතා විසින් මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(24) දින නිකුත් කර ඇති බව වාර්තා වෙයි.