දරුවෙකු බේරාගැනීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මරුට
ඇඹිලිපිටිය, වරාකැටිආර වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී ඇත.
ඊයේ (24) පස්වරුවේ එම වැවේ දිය නාමින් සිටි පිරිසක් අතරින් ළමයෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කරයි.
අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 33 ක් වන වලස්මුල්ල, රන්මලකන්ද ප්රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙන බව පොලිසිය කියයි.