දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 150 ඉක්මවු වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද සඳහන් කළේ ය.
ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
