දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව වාහන පැවරීම තාවකාලිකව අත්හිටුවයි
භාවිත කරන ලද මෝටර් රථ වාහනයක් එක්දින සේවය යටතේ වෙනත් අයෙකුට පැවරීමේදී විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙපාර්ශවය ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය යුතු බව එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
එමෙන්ම දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව වාහන පැවරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර එක් දින සේවය යටතේ අස්ථානගත වූ රියදුරු බලපත්‍ර ලබා ගැනීම ද, තාවකාලිකව අත්හිටුවා තිබේ.