News

දිස්ත්‍රික්ක 03කට නාය යෑමේ අනතුරු අඟවයි

පවතින වැසිතත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වන අතර අද උදෑසන 11.30 සිට හෙට උදෑසන 11.30 දක්වා මෙම නිවේදනය සිදුකර ඇත.

මේ අතර දැනට දිවයිනට බලපා ඇති වර්ෂාපතන තත්ත්වයේ තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.