News

දිස්ත්‍රික් ලේකම් කාර්යාල පොලිස් තැපැල් ඡන්දය අද

දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සිදුකිරීමට නියමිතය.

අද සහ හෙට ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයකුට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයන්හිදී මෙම මස 7 වැනිදා ඡන්ද ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා හය ලක්ෂ පනස් නව දහස් පන්සිය පහළොවක් සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

සාලිය කුමාර ගුණසේකර