News

දුම්රිය එන්ජිමක් පීලි පනී

නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ජයසුන්දරඕවිට ප්‍රදේශයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැනීමකට ලක්ව ඇත . ඒ නිසා උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සඳහා බාධා පැමිණ තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.

මහනුවර සිට නාවලපිටිය දුම්රිය මධ්‍යස්ථානය දක්වා ධාවනය වූ 142 මගී ප්‍රවාහන දුම්රියේ ගමන්වාරය සඳහා සුදානම් කළ එන්ජිම ගලවා ඉදිරියට ධාවනය කිරීමේදී අනතුර සිදුව ඇත්තේ අද (11) දහවල් 12.30ට පමණය.

දුම්රිය මාර්ගයේ ගමනාගමය යථා තත්වයට පත්කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු සඳහන් කර තිබේ.