News

දුම්රිය ටිකට් ගහන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙපමණ කාලයක් කාඩ්බෝඩ් ලබාදුන් නෙදර්ලන්ත සමාගම තවදුරටත් ඒවා ලබාදීම නවතා ඇතැයි දුම්රිය සාමාන්‍යාධීකාරී ඩිලන්ත ප්‍රනාන්දු ‘අරුණ’ට පැවසීය.

මේ හේතුවෙන් ජපාන සමාගමකින් මාස හයක කාලයක් සඳහා තාවකාලිකව කාඩ්බෝඩ් ආනයනය කරන බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මෙපමණ කාලයක් මෙරටට කාඩ්බෝඩ් අපනයනය කළ නෙදර්ලන්ත සමාගම වසා දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට වූ වාර්ෂික වියදම රුපියල් මිලියන හැටක් පමණ වන බවද හෙතෙම කීවේය.

මාර්ග ගත ක්‍රමයෙන්, ක්‍රෙඩිට් කාඩ් මගින් හා මුදල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි ක්‍රමවේදයක් සකස් වෙමින් පවතින බවද සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

එෆ්.අස්ලම්