News

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරියෙන් පැවසුවේ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ දුම්රියක් සහ මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ දුම්රියක් අද උදෑසන 9.45ට මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලට මේ වන විට බාධා එල්ල වී තිබේ.