News

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් සඳහන් කරයි.

දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතව තිබුණු අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මසක් ඇතුළත වැටුප් ගැටලුවට විසඳුම් දෙන බවට පොරොන්දු වීමත් සමඟ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඉන්දික දොඩන්තැන්න සඳහන් කළේය.