දුමින්ද දිසානායක අද රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (04) පෙරවරු 11.00ට පෙනී සිටිමට නියමිතයි.
දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා මෙම කැදවීම සිදුකර ඇත.
