News

දෙමටගොඩ රුවන් ඇතුළු 8ක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් ඇතුළු 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ, වේලුවන පෙදෙසේ පිහිටි ඔහුගේ නිවස වටලා ඊයේ (28) පස්වරුවේ කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්ථාන යුවළක් ද වනවා.

සැකකරුවන් සන්තකයේ තිබී පිස්තෝල දෙකක්, වායු රයිෆල් එකක්, උණ්ඩ 50 ක් , කඩු තුනක්, මුදල් ගණින යන්ත්‍ර දෙකක් හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ සුඛෝපබෝගී වාහන 3 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

දෙමටගොඩ රුවන් නමැත්තා දෙමටගොඩ චමින්ද නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.