දෙමළ ජාතික සන්ධානය එ.ජා.ප.යේ නතර වේවි
රට කඩන යෝජනාවලිය සමග දෙමළ ජාතික සන්ධානය නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පැවැසීය.
පසුගිය කාලයේ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය කොන්දේසි වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට මේ වන විට යළිත් වෙන්දේසි කිරීමට පටන්ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
වීරකුමාර දිසානායක මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
‘සම්බන්ධන්ලාගේ බලය බෙදීමේ යෝජනාවලිය ඉදිරියට ඇවිල්ලා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. හැබැයි ඒ රට බෙදලා නෙමෙයි. ඒකීය භාවය ආරක්ෂා කරගෙනයි විසඳුම් දිය යුත්තේ. පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි සම්බන්ධන්ලා කොන්දේසි වශයෙන් සකස් කළ යෝජනාවලියම තමයි මේ යළිත් ඉදිරිපත් කරලා තිබෙන්නේ’ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
නිලන්ත මදුරාවල
