දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හමුවක් අද
සියළුම දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
කල් දමා ඇති පළාත් සභා මැතිවරණය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් මැතිවරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර එයට අමතරව මේ දිනවල සිදුකෙරෙන ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු පිළිබඳව ද පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
