News

දෛනික වතු වැටුප 1000 අප්‍රේල් සිටම

දෛනික වතු වැටුප 1000 අප්‍රේල් සිටම

වතු සේවක අවම වැටුප රුපියල් 1000 ගෙවීම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ පතිරණ මහතා සඳහන් කර තිබේ.

ඒ අද (06) පාර්ලිමේන්තුවේ දීය.

වතු සේවකයින්ගේ අවම වැටුප රුපියල් 1000 ක් ලෙස ඉහළ නැංවීමට එරෙහිව වතු හාම්පුතුන් සහ පාර්ශ්ව කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

කෙසේ වෙතත් ‘ ඊයේ (05) දිනය තුළ අධිකරණය මඟින් ලබාදුන් තීන්දුවට අනුව එම මුදල ගෙවීම ගැටලුවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කර ඇත.

වතු සේවක අවම වැටුප සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.