News

නවගත්තේගම පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයාගැනේ

නවගත්තේගම -තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉඩමක පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයා ගැනීමට හැකිවූ බව නවගත්තේගම පොලීසිය කියයි.

පසුගිය 14 වැනිදා දහවල් මෙම උණ්ඩ තොගය හමුවී ඇත. පාළු ළිදේ තිබීආර්.පී.ජී.ගිනි අවි වලට යොදන මිලි මීටර් 60 වර්ගයේ ජීව උණ්ඩ 01 ක් සහ ටී.56 වර්ගයේ හිස් උණ්ඩ කොපු 9960 ක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.ආර්.පී.ජී ජීව උණ්ඩය පුත්තලම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් පුපුරවා හැර ඇත.

පරණ යකඩ එකතු කරන කිසියම් අයෙකු විසින් මෙම උණ්ඩ ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත