News

නව විදුලිබල පුනරුදයට තුර්කි රජයේ සහයෝගය

මෙරට සමස්ත ඩිසල් බලාගාර වෙනුවට’ සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70%ක ප්‍රමාණයක් හරිත පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවීම සඳහා “සෞභාග්‍යයේ දැක්ම” වෙනුවෙන් ජාතික විදුලිබල සැලැස්මට අනුව අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනිය Demet Sekercioglu මහත්මිය සඳහන් කර තිබේ.

පසුගිය දිනෙක විදුලිබල අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග තුර්කි තානාපතිවරිය මේ බව සඳහන් කර ඇත.

එම නිල සාකච්ඡාව සඳහා විදුලිබල අමාත්‍යංශයේ ලේඛම් වසන්තා පෙරේරා මහත්මිය ද සභාගි වී තිබේ.