News

නාදුනන මල සිරුරක් කඩ කාමරයකින් හමුවෙයි

කුරුවිට අත්හරින ලද කඩ කාමරයක් තුල තිබී නාදුනන පිරිමියෙකුගේ මල සිරුරක් හමුවෙයි. මෘත ශරීරය හඳුනාගැනීම සඳහා මෙතෙක් කිසිදු පුද්ගලයෙක් පැමිණ නොමැති අතර මේ වන විට මෘත ශරීරිය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණකරුගේ රූප විස්තරයට අනුව වයස අවුරුදු 60ක පමණ තලෙළු සුදු පති කොණ්ඩය අඟල් 1 1/2ක් පමණ දිගට වැවු සිහින් සිරුරක් ඇති අයෙකු වේ.

මිය යන අවස්ථාවේ උඩු කයට අත් කොට සුදු පැහැති කමිසයක්ද යට කයට අළු සහ නිල් පැහැති බතික් සරමක් ඇඳ සිට ඇත.