News

නාමල් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට ඇත.

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාමාජික ලෙස කටයුතු කළ කාලයේ ආයෝජක සමාගමක් අතර පැවති සාකච්ඡාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණ ඇති අතර මන්ත්‍රීවරයා පැය දෙකකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇත.