News

නාමල් කුමාර CIDයට බාරදෙයි

පොලිස් අත්අඩංගුවට පත්ව සිටි දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර අසමගිය, වෛරය ඇතිවන ආකාරයේ, සහ මහජනයා භීතියට පත්වන ආකාරයේ අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මූලස්ථානය විසින් පිහිටවු විශේෂ පොලිස් ඒකකය විසින් මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.