නාරම්මල ප්රාදේශීය සභාවේ මන්ත්රී සහ ඥාතියෙකු අත්අඩංගුවට
නාරම්මල ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව වන අතර පහර කෑමට ලක් වූ පුද්ගලයා පසුගිය 27 වන දා පොලීසියට පැමිණිලි කර ඇත.
මන්ත්රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාති වන පුද්ගලයෙකු පොලීසියට පැමිණ භාර වීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
එම සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
