News

නාවික හමුදා සෙබළුන් 41දෙනෙකුට කොරෝනා

මඩකලපුවේ නාවික භටයින් 41දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සදහන් කළේ කල්ලඩි නාවික හමුදා කදවුරේ නාවික භටයින් හත්දෙනෙකුට සිදුකළ පී.සී. ආර් පරීක්ෂණ වලින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, පසුගිය අඟහරුවාදා නාවික භටයින් 58 දෙනෙකුට සිදුකළ පි සි ආර් පරීක්ෂණ වලින් 39 දෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ ක්ෂේත්‍රයන්වල නිරත පුද්ගලයින් දිගින් දිගට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඒ අනුව ඊයේ (10) දිනයේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේදී මඩකලපුවේ රාජකාරි කරන පොලිස් නිලධාරින් දසදෙනකුට පී.සී.ආර් පරීක්ෂණ සහ ප්‍රදේශයේ විවිධ බැංකු 20ක් හා මුල්‍ය ආයතනවල රාජකාරි කරන නිලධාරින් ඇන්ටිජින් පරීක්ෂණ වලට යොමු කර තිබේ.