නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයෙන් එස්.බී. ඉවත් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ධූරයෙන් ඉවත් කර තිබේ.
ඒ ඊයේ (26) රාත්‍රීයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ.
