නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර 6වන සාකච්ඡාව අද
නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීම නියමිතයි.
මෙම පක්ෂ දෙක අතර පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද (26) දින දක්වා කල් තැබුණි.
