News

නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගොඩනැගීමේ තවත් සාකච්ඡාවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත අතර අද සාකච්ඡාවේදී සන්ධානය ගොඩනැගීම සඳහා පසුගියවර සකස් කරන ලද මූලික ප්‍රතිපත්ති රාමුව පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට සැලසුම් කර ඇති වාර්තා වෙයි.