News

නිධන් හාරමින් සිටි හමුදා සෙබළා පොලිස් අත්අඩංගුවේ

ඇල්පිටිය නාවලකන්ද ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි හමුදා සෙබළකු සහ තවත් පුද්ගලයකු ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් හමුදා සෙබළා බලපිටිය හිනටිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ පානදුර කඳවුරේ සේවය කරන අයෙක්. අනෙක් සැකකරු කරන්දෙණිය ජයබිම පදිංචි 23හැවිරිදි සැකකරුවෙකි.

එම ස්ථානයේ තිබී ගල් විදීමට ගන්නා යන්ත්‍රයක් , යකඩ කටු සහ අලවංගු ද සොයාගෙන ඇත. මේ සමග සැකරුවන් සතුව තිබූ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස අද (08) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත් කිරීමට නියමිතය.