නිපුන රාමනායක සිසුවා පැහැර ගෙන ගොස් වද හිංසනයට ලක් කිරීමේ නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීමට දින නියම වෙයි
2009 වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි නිපුන රාමනායක නමැති සිසුවකු පැහැර ගෙන ගොස් ඇඳුම් ගලවා පහර දී අමානුෂික වද හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත දැනට මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම දෙසැම්බර් මස 17 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහින්ද මහතා අද (27) නියෝග කළේය.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ නඩුවට පාදක වී තිබෙන දුරකතන ඇමතුම් වලට අදාල සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි. එම සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි කැඳවීම දෙසැම්බර් මස 17 වනදා සිදු කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරන ලදී.
2009 වසරේ අගෝස්තු මස 09 වනදා මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙන් අධ්‍යාපනය ලබමින් සිටි නිපුන රාමනායක නැමැත්තා ජීප් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ඔහුගේ ඇඳුම් ඉවත් කොට පහරදී වධහිංසාවට බඳුන් කිරීමට එරෙහිව දැනට මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ. නඩුවේ සෙසු විත්තිකරුවන් අතර විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වූ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ පොලිස් නිලධාරින් හතර දෙනෙකුද ඇතුළත්ව සිටිති.
(අධිකරණ වාර්තාකරු)
