නියම අශ්වයෙකු ඉදිරි මැතිවරණයේදී ඉදිරිපත් කර ජයග්‍රහණය කරන බව අලුවිහාරේ කියයි
පොහොට්ටුව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරා ගැනිම පිළිබඳව මත දෙකක සිටින්නේ ඔවුන්ට එම ගැටලුව විසදා ගැනිමට නොහැකි තත්වයක් උදා වි ඇති නිසා.
එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා නියම අශ්වයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ගන්නවා යැයි මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් කිහිපයක් ජනතා අයිතියට පත් කිරිමේ හා කෘෂි උපකරණ ගොවිජනතාවට ලබාදීම සඳහා (13) වන දින පැවති උත්සවයට එක්වෙමින් කෘෂිකර්මාන්, වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අලුවිහාරේ මහතා සඳහන් කර සිටියේ
පසුගිය මාස දෙකක කාලයක් රට අස්ථාවරව පැවතුනා අපි කරගෙන ආ සංවර්ධන කාර්යන් ඇණ හිටියා ජනතාවට ලබාදිමට තිබු ප්‍රතිලාභයි නැතිවුණේ .ගම්පෙරළිය වැව් අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු එම දේශපාලන අස්ථාවර සමයේදී සිදු කෙරුනේ නෑ. නමුත් අද වනවිට එම නැවතුණ සංවර්ධනය වේගවත්ව දෙගුණ තෙගුණ ගුණයකින් සිදු කිරිමට අපට හැකිවි තිබෙනවා.
ඉදිරි මාස තුන තුළ එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 3000ක් ලබාදිමට රජය කටයුතු කර තිබෙනවා. සෑම ග්‍රාමසේවා වසමකටම රුපියල් ලක්ෂ 20ක පමණ සංවර්ධන කාර්යන් ඒ තුළින් සිදු කළ හැකියි. අපි ඒ සඳහා සුදානම් විය යුතුයි. ඒ වගේම රැකිරක්ෂා ගැටලු සඳහා විසදුම් ලබාදිමටත් කටයුතු කර තිබෙනවා . මේ එන්නේ ජනතාව සඳහා සහන ලබාදෙන යුගයක් වගේම මාර්තු (05) ඉදිරිපත් කරන අයවැය ජනතාවාදි අයවැයක් බව කිව යුතු බවයි.