News

නිවසක සඟවා තිබු ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ගෝනි 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම නිවසේ නිල ඇඳුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් තිබී සොයා සොයාගෙන ඇති අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසා ඇති ඒවා බවත් පොලිසිය සඳහන් කරයි.

අද (06) ගාල්ල පොලිසිය විසින් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නිල ඇඳුම් තොගය සොයාගෙන ඇත.