News

නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

දිවුලපිටිය , උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

එම නිවසේ හෙරොයින් ජාවාරම සිදුකරන බවට දිවුලපිටිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.