නීතිවිරෝධී දිවයිනට පැමිණි පුද්ගලයින් 05ක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වෙමින් සිටියදී තලෙයිමන්නාරම පියර් මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
තලෙයිමන්නාරම සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් මීට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ පුද්ගලයින් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත..
