නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ගිය පහෙන් එකක් ශ්‍රී ලංකාවෙන්
ගත වූ වසර පහක කාලයේදී නීති විරෝධීව දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ පිරිසෙන් පහෙක් එකක් ශ්‍රී ලාංකිකයින් බව ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
2013 වසරේ සිට අවස්ථා 34කදී පුද්ගලයින් 827 දෙනකු මුහුදු මගින් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දරා ඇත. එසේ පැමිණි පිරිසෙන් 166ක් ශ්‍රී ලාංකිකයින් බව තහවුරු කරගෙන තිබේ. මේ වන විට ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව ඇතුළු වුණ සියලුම මුහුදු මාර්ග නවතා දමා ඇති බවත් එසේ ගතවූ කාලය තුළ ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට කළ උත්සාහයන් 78කදී පුද්ගලයින් 2525ක් නීති විරෝධීව බෝට්ටු මගින් ගමන් කිරීම නවතා දමා 614 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.