News

නෝවේජියානු රාජ්‍ය ලේකම් හෙට ශ්‍රී ලංකාවට

නෝවේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට (05) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේදී හේගන් මහත්මිය මෙරට අග්‍රාමාත්‍යවරයා,විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව මැරීයන් හේගන් මහත්මිය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිතව තිබෙනවා.

නෝවේජියානු රජයේ අනුග්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප්‍රදේශවලද ඇය සංචාරය කිරීමට සැළසුම් කර තිබෙනවා.